මව්බිම නිදහස ලබා ලබන මස 04 වැනිදාට වසර 75 ක් සපිරෙයි
සියවස් හතරකට අධික කාලයක් විදේශිය පාලනය යටතේ පැවති මව්බිම නිදහස ලබා ලබන මස 04 වැනිදාට වසර 75 ක් සපිරෙයි. විදේශිය පාලනයෙන් රට නිදහස් කර ගැනීම සදහා මෙරට ජනතාව කළ කැපකිරීම් ඉමහත්ය. ජිවිත පුජා කළ සංඛ්‍යාව ද සුලුපටු නොවේ. කෙසේ හෝ ලේ බිඳක් හෝ නොහෙලා 1948 දී රටට නිදහස දිනා ගැනීමට හැකි විය. ඒ සදහා කැපවු විශාල පිරිසක් සිටිති. ඔවුන්ගේ නම් ජාතික වීරවරයන් ලෙස ඉතිහාසයේ රන් අකුරින් සටහන්වී තිබේ. නමෝ නමෝ මාතා සියවසකට පියවරක් තේමාව යටතේ නිදහසේ 75 වන සංවත්සරය සැමරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම්ය. ඒ සදහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. පසුගිය පලමුවැනිදා ආරම්භ කෙරුනු නාගරික වනාන්තර සංකල්පය දිපව්‍යාප්ත මට්ටමින් දැන් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිහස් සැමරුම් පාපැදි සවාරියක් සංවිධාන කර ඇති අතර එය ලබන 28 වැනිදා ඇරඹෙයි.