රටට තව තවත් ආධාර ලබා ගැනීමේ අරමුණින් යුක්රේන ජනපති බිරිඳ ලෝක ආර්ථික සමුඵවට
යුක්රේන ජනාධිපති ව්ලෝමිදිර් සෙලෙන්ස්කි මහතාගේ බිරිඳ වන ඔලේනා සෙලෙන්ස්කි මහත්මිය ලෝක ආර්ථික සමුඵව අමතයි. යුක්රේනය නියෝජනය කරමින් එම සමුඵවට සහභාගිවී සිටින නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ ඇයයි. යුක්රේන රජයේ ඇමතිවරු හා නගරාධිපතිවරු රැසක් එම පිරිසට ඇතුළත් වෙති. බටහිර රටවලින් තව තවත් ආධාර හා යුද උපකරණ ලබා ගැනීම නියෝජිත පිරිසේ අරමුණයි. ඩාවෝස් හි පැවැත්වෙන සමුඵවට ලොවපුරා රටවලින් රාජ්‍ය නායකයෝ රැසක් එක්ව සිටිති. ලොව ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් ද සමුඵවට සහභාගිවී සිටිම විශේෂත්වයකි.