19 න් පහල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තරගය අද
වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය දකුණු අප්‍රිකාවේ බිනෝනි හිදී අද පැවැත්වෙයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට තරගය ආරම්භ වෙයි.
ඒ-කොටසේ ලකුණු සටහනේ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවෙයි.
එම කොටසේ ලකුණු සටහනේ පෙරමුණේ සිටින්නේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමයි.