නවසිලන්ත අගමැතිවරිය සිය ධුරයට සමුදීමේ සුදානමින්
නවසිලන්ත අගමැතිනි ජසින්තා ආඩ්න් සිය ධුරයෙන් සමු ගැනීමට බව විදෙස් වාර්තා පවසයි. ලබන මස 07 වැනිදා වනවිට ඇයගේ නිල ධුර කාලය අවසන්වීම ඊට හේතුවයි. ක්රයිස්චර්ච් ඛේදවාචකයේදී ප්රචණ්ඩක්රියා මර්දනයට ඇය ගත් ක්රියාමාර්ගය ලොව පැසසුමට ලක්විය. කොවිඩ් වසංගතය සාර්ථකව මැඩලීමට ඇය ක්රියාවට නැංවු වැඩපිළිවෙල ද ලොව ඇගයුමට ලක්විය.