සම්මානලාභිී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
සම්මානලාභිී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වන විට ඇය 88 වන වියෙහි පසු වුවාය. ඇය අද්විතිය සිනමාකරුවෙකු වු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිීරිස් මහතාගේ බිරිදයි. එදාමෙදා තුර සුමිත්‍රා පීිරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පාත්රවිය. 1978 දී ඇරඹි සිනමා නිර්මාණ චාරිකාවේ්දී ඇය අධ්‍යක්ෂණය කළ විශිෂ්ට කලාත්මක සහ සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැණු ළමයි. ගග අද්දර. සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා. ඒ අතර විශේෂ වෙයි. යහඵ යෙහෙලි. මායා. ලොකුදුව. දුවට මවක මිස. සක්මන් මඵව. යහඵවෝ වැනි චිත්රපටද රසික ආදාරයට පාත්‍ර වු නිර්මාණ වෙයි. සුමිත්‍රා පිීරිස් මහත්මිය නිර්මාණ කළ චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්භාවනාවට පාත්රවිය. විීශිෂ්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙරට සියලුම සම්මාන උළෙලවලදී ඇය සම්මාන හිමිකර ගෙන තිබේ.