හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
හෙට පෙරවරු 11.00 සිට පස්වරු 8.00 දක්වා කොළඹ දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවයි. තවද මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල සීමා තුළ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන පළාත් පාලන ආයතන බල සීමා තුළද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ පොම්පාගාරය වෙත සිදු කෙරෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය පැවසීය.