සුමිත්‍රා පිීරිස් මහත්මියගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී

Share Button

සම්මානලාභිී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්‍ෂිකා ආචාර්ය සුමිත්‍රා පිීරිස් මහත්මියගේ දේහය පිළීබඳ අවසන් කටයුතු හෙට පස්වරු 6.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය අද සිට හයිලෙවල් පාර. පොලිස් උද්‍යානය අසල කොළඹ 05 පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ. මියයන විට ඇය 88 වන වියෙහි පසු වුවාය. සුමිත්‍රා පීරිස් මහත්මිය අද්විතිය සිනමාකරුවෙකු වු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිීරිස් මහතාගේ බිරිදයි. එදාමෙදා තුර සුමිත්‍රා පීිරිස් මහත්මිය අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පාත්‍රවිය. 1978 දී ඇරඹි සිනමා නිර්මාණ චාරිකාවේදී ඇය අධ්‍යක්‍ෂණය කළ විශිෂ්ට කලාත්මක සහ සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැණු ළමයි. ගග අද්දර. සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා. ඒ අතර විශේෂ වෙයි. යහඵ යෙහෙලි. මායා. ලොකුදුව. දුවට මවක මිස. සක්මන් මඵව. යහඵවෝ වැනි චිත්‍රපටද රසික ආදාරයට පාත්‍ර වු නිර්මාණ වෙයි. සුමිත්‍රා පිීරිස් මහත්මිය නිර්මාණ කළ චිත්‍රපට ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්භාවනාවට පාත්‍රවිය. විීශිෂ්ට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් මෙරට සියලුම සම්මාන උළෙලවලදී ඇය සම්මාන හිමිකර ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...