පළාත් පාලන ඡන්ද විමසීමේ නාම යෝජනා භාරගැනීම අද මධ්‍යාහ්න 12.00 න් අවසන්’

Share Button

පළාත් පාලන ඡන්ද විමසීමට තරගවදින අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරගැනේ’ අද මධ්‍යහ්න 12’00 දක්වා නාමයෝජනා ඉදිරිපත් කළ හැකිය’ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීිම ලබන 23 වැනිදායින් අවසන් වෙයි’
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට රජය උත්සාහ කරන බව සමගි ජන බලවේගය පවසයි. රටේ ජනතා මතයට රජය හිස නමනු ඇතැයි විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
සාමකාමී නිදහස් ඡන්ද විමසීමක් අපේක්ෂා කරන බව අමාත්‍ය බන්ඳාුල ගුණවර්ධන මහතා කියයි. තම ප්‍රදේශය වෙනුවෙන් වැඩ කළ හැකි නියෝජිතයෙකු පත් කිරරීම ජනතාවගේ වගකීම වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නව දේශපාලන සම්ප්‍රදායක අවශ්‍යතාව මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර සංවිධායක නීතිඥ සජීව ගුණරත්න මහතා ප්‍රකාශ කරයි. රට වැටී ඇති තත්ත්වයෙන් එක් පියවරක් හෝ ඉදිරියට තැබිය හැකි නායකයෙක් අවශ්‍ය වී ඇත. එය සිඳාුකළ හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණක් බවද ඒ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...