සේවක අර්ථ සාධක අරමුදල වෙනත් කටයුතු සදහා යොදාගෙන නැහැ – විෂය භාර ඇමති කියයි

Share Button

සේවක අර්ථ සාධක අරමුදල වෙනත් කටයුතු සදහා යොදවා ගැනීමට කටයුතු කර නැතැයි අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡා කොට ගිවිසුමකට එලඹ නොමැත.

මේ පිළීබඳව ඇතැම් පිරිස් නගන චෝදනා අසත්‍ය බව ඇමතිවරයා ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් කීවේය. සේවක අර්ථ සාධක අරමුදල තවදුරටත් වර්ධනය ිකරීම සදහා ක්‍රියා කළයුතුවෙයි.

යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් සියඵ පාර්ශව සමග සාකච්ඡා කෙරේ. රටේ ආර්ථිකය ගොඩනැගීමට රජයට හැකියාව ඇත. ආයෝජකයන්ට සුබදායි පරිසරයක් රට තුළ නිර්මාණය කරන බවද ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...