සියලු දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරරීමට සැලසුම්’

Share Button

සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි. ඊට අදාළ සැලසුම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරරීම ජනාධිපති කාර්යාලයේදී පසුගියදා සිඳාුවිය. යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්ව විද්‍යාලය මගින් ඉදිරිපත් කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළ සැලසුම කැළණිය විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපත් කරන ලදි.
රුහුණු විශ්ව විද්‍යාලය ර්‍ණ සබරගමුව විශ්වවිද්‍යාලය හා සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ප්‍රවර්ධන සැලසුම ක්‍රියාවට නංවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ර්‍ණ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්ව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ දිස්ත්‍රික්කයේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමේ හැකියාව පෙන්වා ඳාුන්නේය .

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...