නවසිලන්තයේ මීිලග අග්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂයේ ක්‍රිස් හිප්කින්ස් මහතා පත් කිරීමට සැලසුම්
නවසිලන්තයේ මීිලග අග්‍රාමාත්‍යවරයා ලෙස කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ක්‍රිස් හිප්කින්ස් මහතා පත් කිරීමට නියමිතයි. ඔහු කම්කරු පක්ෂයෙන් ඉදිරිපත් කරන එකම අපේක්ෂකයා වනු ඇත. 2008 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත් වු හිප්කින්ස් මහතා 2020 වසරේදී එරට කොවිඩ් සම්බන්ධ අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ. වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගැනීමට හදිසියේ ගනු ලැබු තීරණයත් සමග හිප්කින්ස් මහතා ඒ සදහා පත් කිරීමට නියමිතයි. නවසීලන්තයේ මහ මැතිවරණය මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වේ. එබැවින් හිප්කින්ස් මහතා කොපමණ කාලයක් ධුරයේ කටයුතු කරනු ඇත්ද යන්න අවිනිශ්චිතය. 44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් මහතා මේ වනවිට නවසීලන්තයේ පොලිස් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.