විදුලි ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා රජයට කිසිවක් දැනුම්දී නැතැයි කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතා කියයි
විදුලි ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා රජයට කිසිවක් දැනුම්දී නැතැයි කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතා කියයි. ඇමති මණ්ඩලය පසුගියදා විදුලි ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ අදහස් විමසා තිබින.එහෙත් සභාපතිවරයා මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිවක් රජයට දැනුම්දී නැතැයි අප කළ විමසුමකදී මොහාන් සමරනායක මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා නොබලා ජනතාව නොමග යවන ආකාරයේ කරුණු මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි.