පළාත් පාලන ඡන්ද විමසිමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන් – ඡන්ද විමසිම මාර්තු 09 වැනිදා
පළාත් පාලන ඡන්ද විමසිම මාර්තු 09 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිසම ඊයේ නිවේදනය කළේය. මහ නගර සභා 29 ක් නගරසභා 36 ක් හා ප්‍රාදේශිය සභා 275 ක් සදහා නියෝජිතයන් තෝරා ගැනීම සදහා ඡන්ද විමසිම පැවැත්වෙයි. නාමයෝජනා භාර ගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් විය. ඡන්ද විමසිමේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම් කිරීමට දී ඇති කාලසීමාව හෙට මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් වෙයි. එම දිනය යලි දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිසම කියයි.
පළාත් පාලන ඡන්ද විමසිම සදහා වන ප්‍රචාරණ සාමකාමිව සිදු කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා අපේක්ෂකයන්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.නිතිවිරෝධි ක්‍රියාවල නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ.