යල කන්නය සදහා වී ගොවීන්ට නොමිලේ මඩ පොහොර
එලඹෙන යල කන්නයේ දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර හෙවත් ට්‍රිපල් සුපර් ෆොස්පේට් පොහොර නොමිලේ සපයන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි.ඒ සදහා අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක් රැගත් නෞකාවක් ලබන මස මුල් සති දෙක තුළ මෙරටට ලගාවීමට නියමිතයි. මහ කන්නයේ ද ගොවීන්ට මඩ පොහොර සැපයීමට රජය තීරණය කර තිබුන ද රුසියානු-යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මඩ පොහොර අපනයනය යුක්රේනය අත්හිටුවා තිබු බැවින් ඒවා මිලදී ගැනීමට නොහැකි විය. එහෙත් යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර සැපයීමේ කිසිදු ගැටඵවක් නැතැයි ඇමතිවරයා කියයි.
මෙවර මහ කන්නයේ යුරීයා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 25 දහසක් ආනයනය කෙරින. ඉන් සියයට 75 ක් අලෙවි විය. තවත් මෙට්‍රික් ටොන් 30 දහසක් පමණ ඉතිරිවී තිබේ. බන්ඩි පොහොර අලෙවිවී ඇත්තේ සියයට 05 ක් පමණි.එම නිසා යල කන්නයේ වී වගාවට අවශ්‍ය සියලු පොහොර ගොවීන්ට සැපයීමේ හැකියාව රජය සතු බව කෘෂිකර්ම ඇමතිවරයා කියයි.