වයස අවුරුදු 19 න් පහල කාන්තා ක්රිකට් තරගාවලියේ දෙවන වටයේ ඉන්දු-ශ්රී ලංකා තරගය අද
වයස අවුරුදු 19 න් පහල කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන වටය හෙවත් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය ඊයේ ආරම්භ විය. මුලික වටයේදී කණ්ඩායම් 16 ක් කාණ්ඩ හතරකින් තරග කළ අතර ඒ ඒ කාණ්ඩවල මුල් ස්ථාන 03 දිනාගත් කණ්ඩායම් දෙවන වටයට සුදුසුකම් ලැබීය. එම කණ්ඩායම් 12 මේ වටයේදී කණ්ඩායම් 06 බැගින් පලමු හා දෙවන ලෙස කාණ්ඩ දෙකකින් තරග වැදීමට නියමිතයි. ඒ-කාණ්ඩයෙන් තරග කරමින් තුන්වන ස්ථානය හිමි කරගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි හය වටයේදී පලමු කාණ්ඩයෙන් තරග වදි. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම අද මෙරට වේලාවෙන් පස්වරු 5.15 ට ඉන්දිය කණ්ඩායමට එරෙහිව තරගබිමට පිවිසෙනු ඇත. ශ්රී ලංකා කණ්ඩායම ලබන අගහරුවාදා දකුනු අප්රිකාවට එරෙහිව සුපිරි හය වටයේ අවසන් තරගයට එක්වෙයි.