අහස වළාකුළින් බරව ශිත කාලගුණික තත්ත්වයක් දිවයිනපුරා
දිවයිනපුරා බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර ශිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. . ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩ පවති.