බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය මැයි මාසයේදී
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය මැයි මස 6 7 සහ 8 යන දිනවලදී පැවැත් වේ. උත්සව වැඩසටහන සෙනසුරාදා පස්වරුවේ බකිංහැම් මැඳුරේ මාධ්‍ය අංශය ප්‍රකාශයට පත් කළේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ උත්සවය වඩාත් සරලව සිදු කිරීමට තීිරණය කර ඇත. එහෙත් ජනතාව අනුස්මරණීය උත්සවයක් අපේක්ෂා කරන බව ජනමත විමසුමකින් හෙලි වී ඇති බවද වාර්තා වේ. 1953 වසරේදී පැවති එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකයට ආරාධනා කරන ලද 8 දහසකට සාපේක්ෂව මෙවර අමුත්තන් සංඛ්‍යාව දෙදහසකට සීමා වේ.