ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ හිග බිල්පත් කොටස් වශයෙන් ගෙවිමට සැලසුම්

Share Button

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සුඵ මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ගේ හිග බිල්පත් කඩිනමින් ගෙවිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී ඇති බවයි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ කර්මාන්තකරුවන් ආරක්ෂා කරගැනීමට නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුලදී අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේ අද පැවති සාකච්ඡාවකට එක් වෙමින් රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. ඉදිකිරිම් ක්‍ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ලබා ගැනීම සඳහා ආසන්න රටවල්වල ව්‍යාපෘති වෙත ඔවුන් යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පවා සංශෝධනය කිරීමට සාකච්ඡා කෙරේ. ඒ අනුව කර්මාන්තකරුවන්ට තම ශිල්පීය නිපුණතාව සහිත නිලධාරීන් හා යන්ත්‍ර සුත්‍ර ඒ සඳහා යොමු කිරීමට අවස්ථාව උදා වෙයි. එමගින් විදේශ විනිමය උපයා ගැනීමට මෙන්ම ඔවුන්ගේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට ද හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කීවේය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ලක්ෂ 13 කට ආසන්න සේවක පිරිසක් වත්මන් අර්බුදය හමුවේ පීඩනයට පත්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...