ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයක ගමන් කිරීමක් බව අවධාරණය කෙරේ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය සහයෝගය මුල්‍යමය වටිනාකමකට එහා ගිය වැදගත් සහතිකයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි. රටේ ආර්ථිකය නැවතත් නිවැරදි මාර්ගයක ගමන්කරන බවට දෙන සහතිකය එයයි. එමගින් ජාත්‍යන්තර මුල්‍ය වෙළෙදපලට පවා යාමේ හැකියාව උදා වන බව හෙතෙම ජාතික ගුවන් විදුලියේ වැඩසටහනකට අද එක් වෙමින් සඳහන් කළේය. එම සහතිකය නොලැබුණහොත් රට තවදුරටත් සමාජ හා ආර්ථික වශයෙන් පරිහානියකට පත්වීම වැලැක්විය නොහැක. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව දුනුසිංහ මහතා සඳහන් කළේය.
ආර්ථිකය නිසි අයුරින් කළමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රමුඛතම කාර්යය වී තිබෙ. මහජනතාව ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගත යුතුය. ආර්ථික අර්බුදයකට ලක්වු රටකට මෙම අරමුදලේ සහයෝගය ලබා ගැනිීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. එබැවින් රටේ ආර්ථිකය තවදුරටත් පහල මට්ටමකට හෙලිීමට ක්‍රියා නොකර ඉහලට ඔසවා තැබීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි රට තුල විශාල වශයෙන් දේශපාලන අවුල් වියවුල් හා වෙනත් අස්ථාවර තත්ත්වයක් ඇති වුවහොත් දැනට පවතින ස්ථාවරත්වය අඩපණ විය හැකිය. ආර්ථිකය යලි පිබිදීමට බාධා වන ක්‍රියාකාරකම් සිදු නොකළයුතු බව ඔහු අවධාරණය කළේය.