රදල්ල අනතුරෙන් මියගිය සියලු දෙනාට වන්දි
රදල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවු අනතුරෙන් මියගිය සියලු දෙනාට වන්දි පිරිනැමෙ. ඊට අදාළ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ. එම අනතුරෙන් පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුලු 7 දෙනෙක් මියගියහ. අදාල පවුල්වල අපහසුතා සොයාබලා දිර්ග කාලීනව ඔවුන්ට සහන සැලසීමේ වැඩපිළීවෙලක්ද රජය සකස් කර තිබේ.
මේ අතර පාසල් සිසුන් චාරිකා සදහා සහභාගී කරවීමෙදී අනුගමනය කළයුතු නීති පටිපාටිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙ. ඒ අනුව 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කෙරේ. මාර්ග ආරක්ෂාව පිළීබඳ ආයතනයේ සභාපති සුමිත් නිශ්ශංක මහතා එම කමිටුවේ සභාපතිවරයායි. මොරටුව විශ්ව විද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ශ්‍රී ලංකා පොලිසිය යන ආයතන වලින් සෙසු නියෝජිතයින් පත් කර තිබේ.