වැටුප්’ ඇතුලු සුබ සාධන දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට පියවර’

Share Button

රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප්’ සමෘද්ධි ඇතුලු සෙසු සුබ සාධන දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට ක්‍රියාකරන ලෙස ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි’ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු අවධාරණය කළේ රාජ්‍ය නිලධාරීන්ට බාධාවකින් තොරව නිදහසේ රාජකාරී ඉටුකිරිීමේ පසුබිම සකස් කිරීම ද අත්‍යවශ්‍ය වන බවයි’

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසස අනුමැතිය ලබාදී ඇතැයිද ඇමතිවරයා එහිදී සදහන් කළේය’ අඛණ්ඩව විදුලිය ලබාදීම රජයේ අපේක්ෂාවයි’ ගාස්තු සංශෝධනයකින් තොරව එය සිදුකළ නොහැක’ බැංකු මගින් ඊට ණය ලබාදීමක්ද සිදු නොකරයි’ එබැවින් මෙම අවස්ථාවේ කැපකිරීම් කරමින් රටේ ආර්ථිකය ගොඩගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...