විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් සැකසීම සඳහා සාකච්ඡාවක්
රටේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරමින් කඩිනමින් විසදීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. දුම්රිය මාර්ග පද්ධතිය දීර්ඝකාලයක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ගමනා ගමනයේ දී බාධා මතුව ඇත. ඒ හේතුවෙන් මගී ඡනතාව දැඩි අපහසුතාවයට පත්වේ. මෙම මාර්ග කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඉන්දියානු ණය යෝඡනා ක්‍රමය යටතේ දුම්රිය පිලි ආනයනය කිරීම සඳහා කටයුතු කෙරේ.
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා කොටස ඉන්දියානු ණය යෝඡනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 3600 ක වියදමින් අලුත්වැඩියා කෙරේ. මෙම මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දුම්රිය කම්කරුවන් 3000 ක් කඩිනමින් බඳවා ගැනීමට නියමිතයි.
ඉදිරියේ දී මෙරට විදුලි දුම්රිය මාර්ග පද්ධතියක් සැකසීම සඳහා බලාපෙරොත්තු වන අතර ඒ සඳහා සාකච්ඡාවක් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.