වෘත්තිය සමිති මුවාවෙන් ක්‍රියාත්මක ත්‍රස්තවාදයට නිතිය ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කෙරේ

Share Button

වෘත්තිය සමිති මුවාවෙන් රටතුල ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ලවෙයි. ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඒවායේ සාමාජිකයින් රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරිවලට බලපෑම් කිරිමේ සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තාවෙයි. එමගින් රාජ්‍යතන්ත්‍රයේ කටයුතු අඩපණ කිරිමට හෝ කඩාකප්පල් කිරිම ඔවුන්ගේ උත්සහය වී තිබේ. වෘත්තිය අයිතිවාසිකම් සදහා සටන් කිරිම ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකමකි. එම මානව අයිතිවාසිකම මෙරට ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර තිබේ.
එහෙත් එය දඩමීමා කරගෙන වෘත්තිය ආචාර ධර්මවලින් පටහැනිවන ආකාරයෙන් ක්‍රියාකිරිමේ අයිතියක් වෘත්තිය සමිති නායකයන්ට හෝ එහි සාමාජිකයන්ට නොමැත. වර්තමානයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් සහ ඔවුන්ට හිතවත් සාමාජිකයන් එම වෘත්තිය ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියාකරමින් සිටිති. ඔවුන් රාජ්‍ය නිලධාරින්ට සහ රජයේ කටයුතු ක්‍රියාත්මක කරන සාමාජිකයන්ට එරෙහිව නීතිවිරෝධි කටයුතුවල නිරතවන බවට ද චෝදනා එල්ල වී තිබේ. පසුගිය දිනවල එවැනි සිද්ධින් ගණනාවක් වාර්තාවී තිබේ. වෘත්තිය අයිතිවාසිකම් දිනාගත යුතුය. එහෙත් ඊට ත්‍රස්තවාදි ක්‍රියාමාර්ග හෝ නීතියට පටහැනිව ක්‍රියාකළ නොහැකිය.
වර්තමානයේ රටතුල උද්ගතව ඇති අයහපත් වාතාවරණය පිලිබදව ද අවබෝධයෙන් යුක්තව වෘත්තිය සමිති ක්‍රියාකළ යුතුය. රජයේ ක්‍රියාමාර්ග සාධාරණීකරණය නොවන්නේ නම් ඊට විරෝධය පලකළ යුතුය. ඒ සදහා පිලිගත් ක්‍රමවේදයක් පවති. එසේ නොවන ආකාරයෙන් ක්‍රියාකිරිම ද වෘත්තිය අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් වන අතරම අදාළ වෘත්තිය සමිතිවල ප්‍රතිරූපය හානිවීමට හේතුවක් වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට තර්ජනය කිරිම ආදි සිද්ධින් මීට නිදසුන් වෙයි. යලි මෙවැනි තත්ත්වයන් ඇති නොවිමට වගබලා ගැනිමට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කෙරේ.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජන එල්ල කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...