අධ්‍යාපන ක්‍රමවේදයේ පරිවර්තනීය වෙනසක අවශ්‍යතාව අවධාරණය කෙරේ
තරගකාරි අධ්‍යාපනයක දරුවන් සිරවී සිටින බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. සෞන්දර්යයාත්මක විෂයේ අන්තර්ගත නිපුණතා වර්තමානයේ විෂය මාලාවෙන් ඉවත් වෙමින් පවත. ඒ හේතුවෙන් දරුවන්ගේ මොළයේ නිර්මාණාත්මක කොටස්වල වර්ධනය අඩාලවෙයි. පවතින අධ්‍යාපන ක්රමයේ වෙනසක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අධ්‍යාපන ක්‍රමවේදයේ පරිවර්තනීය වෙනසක අවශ්‍යතාව වඩාත් ඉස්මතු වි ඇත. පන්ති කාමරයේ මනා ගුරු සිසු සබදතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතුය. මත්ද්‍රව්‍ය භාවිතය ආදි ගැටලු නිරාකරණයට පියවර රැසක් ගෙන ඇතැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.