මෙරට විශාලතම ජෛව පොහොර කර්මාන්ත ශාලාව විවෘත වෙයි
හොරණ මිල්ලෑවේ පිහිටි ලංකා බයෝ ෆර්ටිලයිසර් සමාගමේ නවතම කර්මාන්ත ශාලාව අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. වර්ග අඩි හතලිස් දහසකින් යුත් නවීන තාක්ෂණයෙන් සමන්විත නිෂ්පාදනාගාර මෙහි පිහිටා ඇත. මෙරට විශාලතම හා තාක්ෂණයෙන් ඉහළම ජෛව පොහොර කර්මාන්ත ශාලාව මෙයයි. වාර්ෂිකව ජෛව පොහොර ලීටර මිලියනයක් මෙහි නිෂ්පාදනය කළ හැක. ඒවා ස්වභාවික පරිසර හිතකාමි ජෛව පොහොර වෙයි. මෙම පොහොර වී වගාවට යෙදීමේදි යුරියා පොහොර භාවිතය සියයට 30 කින් අවම කරගත හැකිය.
මෙහිදි අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටියේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවී ඇති ගොයම් කහ පැහැවීමේ රෝගයට හේතු රාශියක් ඇති බවයි. වටපනු රෝගය හා ඇතැම් දිලීර රෝග ඊට හේතුවී තිබේ. නිසි පරිදි පොහොර නෙයෙදීමෙන් පොළොවට අවශ්‍ය පෝෂණය නොලැබිම ඊට හේතුවී ඇත. මෙම තත්ත්වය වළක්වා ගැනිමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර රාශියක් ගෙන ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.