සුදු මැස්සාගේ හානියෙන් පොල් වගාව රැක ගැනීමේ වැඩසටහනක්
සුදු මැස්සාගේ හානියෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාව රැක ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. පොල් වගාකිරීමේ මණ්ඩලය ඒ සදහා මුලික වී ක්‍රියාකරයි.
රත්ගම, හික්කඩුව, මාදම්පාගම, ගාල්ල කඩවත්සතර, බෝපේ පෝද්දල, ඉමදුව සහ හබරාදුව යන ප්‍රාදේශීිය ලේකම් කොට්ඨාසවල සුදු මැස්සාගේ හානිය උග්‍ර ලෙස පැතිර යමින් පවතී.
කොහොඹ තෙල් හා සබන් කුඩු මිශ්‍රනය පොල්අතුවලට ඉසීමෙන් මෙම හානිය වළක්වා ගතහැකි බවත් ඒ පිළිබඳව පොල් ඉඩම් හිමියන් දැනුවත් කරන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ අක්කර 33000 ක පොල් වගා කර තිබේ.