ගෘහ පාලන සහයිකා තනතුරේ පුහුණු කාලය දිීර්ඝ කෙරේ
ගෘහස්ථ ගෘහ පාලන සහයිකා තනතුර සදහා පළමුවරට විදේශ ගතවන කාන්තාවන්ට සපයන පුහුණු කාලය දිීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. දැනට සපයන දින 15 ක පුහුණු පාඨමාලාව ලබන මස පළමුවැනිදා සිට ජාතික වෘත්තීය සුදුසුකම් හෙවත් NVQ 3වන මට්ටම ද සහිතව දින 28 ක් දක්වා දිර්ඝ කර තිබේ. දින 25 න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සපයන අතර දින 3 ක් ජාතික වෘත්තීය සුදුසුකම ඇගයීම සදහා වෙන්කර තිබේ.
ලබන අප්‍රේල් පළමුවැනිදා සිට ගෘහ පාලන සහයිකා තනතුර සදහා විදේශගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තීය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව NVQ 3 වන මට්ටම සහිතව විදේශ රැකියා සදහා කාර්යාංශයේ ලියාපදිංචියට ඉදිරිපත් වියයුතුය.
දැනට කාර්යාංශයේ පුහුණුව ලබා ඇති කාන්තාවන් සහ මේ වසරේ ජනවාරී 31 වැනිදා හෝ ඊට පෙර පුහුණුව සම්පුර්ණ කර ඇති කාන්තාවන්ට එම කොන්දේසි අදාළ නොවන බව කාර්යාංශය කියයි.