ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ගල්අගුරු සමාගමේ නිලධාරීන් අතර හමුවක්

Share Button

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ගල් අගුරු සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු ලබාගැනීම සහ ඒ සදහා අවශ්‍ය මුදල් සපයා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය සදහා එම සාකච්ඡාව කැදවා තිබිණි. කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමේ හැකියාව පිළිබඳවද එහිදී අවධානය යොමු විය.

ජනවාරී මාසයේ ගෙන්වා ගැනීමට සැලසුම් කළ ගල්අගුරු නෞකා 7 න් පහක් මේ වනවිට පැමිණ තිබේ. තවත් නෞකා දෙකක් මේ මාසය තුළ මෙරටට පැමිණීමට නියමිතයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති ගල්අගුරු නෞකා සංඛ්‍යාව 10කි. බලාගාරයේ සමස්ත අවශ්‍යතාව සපුරා ගැනීම සදහා ගල්අගුරු නෞකා 33 ක් ගෙන්වා ගතයුතුය.

ලබන මාසයේ නෞකා 7ක් මාර්තු මාසයේ නෞකා 7 ක් සහ අප්‍රේල් මාසයේ නෞකා 7 ක් ගෙන්වා ගැනීම ඉලක්කයයි. ඒ වෙනුවෙන් රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් ඉල්ලා තිබේ. එම මුදල් ලබාගැනීමේ හැකියාව මත ලංකා ඛණීජ තෙල් නීතීගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ලබාගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

අවම කප්පාදුවකින් යුතුව ජනතාවට විදුලිය සැපයීමට ක්‍රියාකරන බවටද මණ්ඩලය සහතික වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...