ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම අද
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද පැවැත්වෙයි. සභාව පත් කිරීමෙන් පසුව එය රැස්වන පළමු අවස්ථාව මෙයයි. ඉදිරි වැඩකටයුතු සිදුකරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීිර මහත්මිය කියයි.
කථානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකගත්වයෙන් කථානායකවරයා ඉදිරිපත් කළ නාම යෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නොවන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ජනාධිපතිතුමා පත්කර තිබේ.
ආචාර්ය ප්‍රතාබ් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය දිනේෂා සමරත්න යන මහත්ම මහත්මීහු එම සාමාජිකයෝ වෙති.