චීනයෙන් ශ්‍රී ලංකාවට ණය සහන කාලයක්
චීනයේ අපනයන ආනයන බැංකුව හෙවත් චීන එක්සිම් බැංකුව ශ්‍රීී ලංකාවට සිය ණය ගෙවීම සදහා සහන කාලයක් සපයයි. ඒ අනුව වසර දෙකක් සදහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දෙන බව එම බැංකුව ලිඛිතව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ඩොලර් කෝටි 290 ක විස්තීරණ මුල්‍ය සහනය ලබාගැනීමටද සහාය දෙන බව එම බැංකුව පවසයි.
ඉන්දියාව මේ මස මුලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවට මුල්‍ය සහ ණය සහන සැපයීමට කැපවන නමුත් ගෝලීය ණය සපයන ආයතන සමග අවසන් එකගතාවකට පැමිණීමට චීනයේ සහාය අවශ්‍ය බවයි.