හම්බන්තොට මිරිදිය මත්ස්‍ය වගාවෙන් ඉහළ අස්වැන්නක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතී.
ධිවර අමාත්‍යංශය මිරිදිය මත්ස්‍ය ව්‍යාප්ති අංශය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර හා රුහුණු රිදියගම ජලාශවල මෙන්ම වැව් 72 ක සහ කාලීින ජලාශ 118 ක මිරිදිය මත්ස්‍ය වගාව සහ මිරිදිය ඉස්සන් වගාව සිදු කරයි. මුරුතවෙල ජලාශය ආශ්‍රීතව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යයි.
පවුල් දසදහසකට අධික සංඛ්‍යාවක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටිති.