19 න් පහල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ තවත් තරග දෙකක් අද
වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි.
ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද තරග බිමට පිවිසෙයි. බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයද අද පැවැත්වීමට නියමිතයි. තරග දෙකම පස්වරු 5.15 ට ඇරඹෙයි.
තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය ලබන සිකුරාදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදායි.