ඇෆ්ගනිස්තානයට දැඩි ශීත දේශගුණයක්
ඇෆ්ගනිස්තානය පුරා මේ වනවිට දැඩි ශීිත දේශගුණයක් පැතිර යමින් පවතී. මේ දක්වා මරණ 124 ක් වාර්තා වී තිබේ. සතුන් 70 දහසක් පමණ මියගොස් ඇතැයි වාර්තා වෙයි. ඇෆ්ගනිස්තානයෙන් මෙවැනි දැඩි ශීත දේශගුණයක් වාර්තා වන්නේ දශක ගණනාවකට පසුවයි.
ආධාර කණ්ඩායම් මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ සිය ක්රියාකාරකම් අත්හිටුවා තිබේ. තලෙයිබාන් පාලනය රාජ්ය නොවන සංවිධානවල සේවය කිරීම එරට කාන්තාවන්ට තහනම් කිරීම ඊට හේතුවයි. තලෙයිබාන් ඇමතිවරයෙකු පැවසුවේ කුමණ තත්ත්වයක් හමුවේ වුවද රජය ප්රතිපත්ති වෙනස් කිරීමට සුදානම් නැති බවයි.
ශීත දේශගුණයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සදහා යුද හමුදා හෙලිකොප්ටර්යානා යොදවා තිබේ. එහෙත් පවතින අධික හිම පතනය එම කටයුතුවලට බාධාවකි.