මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වන බවට පළවන වාර්තා එම කොමිසම ප්‍රතික්ෂේප කරයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුඵ සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බවට පළවන වාර්තා එම කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරයි. එවැනි ලිඛිත ඉල්ලා අස්වීමක් හෝ ඉල්ලා අස්වීමට අදාළව ජනාධිපති කාර්යයාලයට යොමු කරන ලද ලිපියක පිටපතක් හෝ ලැබී නොමැති බව එහි ලේකම් එච් එම් ටී ඩී හේරත් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. සභාපතිවරයා ඇතුඵ සාමාජිකයින් කොමිෂන් සභාවේ කාර්යයන් සහ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු අඩාල වීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයටම ක්‍රියාත්මක කරන බව එහි සඳහන් වෙයි.