ජනවාරි මාසයේ විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් 25000 ක්
මේ වසරේ මුල් මාසය තුළ රැකියා සදහා 25 දහසකට ආසන්න පිරිසක් විදේශගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු හා බඳවා ගැනීම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා කියයි.
ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා උදාකර ගැනීම සදහා ඇති කරගත් ද්විපාර්වික ගිවිසුම හේතුවෙන් වැඩි පිරිසකට එරට රැකියා අවස්ථා උදාවී තිබේ. කොරියාවේ නිෂ්පාදන හා ධිවර ක්‍ෂේත්‍රවල රැකියා සදහා වන විභාගයට ලබන 13 වැනිදා සිට 22 වැනිදා දක්වා අයදුම්පත් භාර ගන්නා බව අප කළ විමසුමකදී ඒ මහතා සදහන් කළේය.
මැදපෙරදිග කලාපයේ රැකියා සදහා යොමුවන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවේ ද ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබේ. සෞදි අරාබිය එක්සත් අරාබි එමිර් රාජ්‍ය හා කටාර් රාජ්‍ය ඒ අතර ප්‍රධාන වෙයි.