ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් අනතුරු ඇගවීම්
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි ගිනි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. ලැව්ගිනි හේතුවෙන් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම ඊට හේතුවයි. මෙවැනි අනතුරු ඇගවීමක් සිදු කර ඇත්තේ වසර 2 කට පසුවීමද විශේෂත්වයකි.
ගිනිදැල් අඩි 49 ක් පමණ ඉහලට ඇතිවී තිබෙන බවද වාර්තාවේ. ප්‍රදේශයේ පදිංචිකරුවන් රැසක් ඉවත් කර ඇත. එහි උෂ්නත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ගිනි නිවන අංශ පවසයි. ප්‍රාන්තය පුරා ලැව්ගිනි 33 ක් ඇතිවී තිබෙන අතර ඉන් 10 ක් තවමත් පාලනය කර ගැනීමට නොහැකි වී ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙ. මේ අතර ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අගවා ඇත්තේ වියලි කාලගුණ තත්ත්වය තවත් වර්ධනය විය හැකි බැවින් අලුතින් ලැව්ගිනි ඇතිවීමේ හැකියාව ද පවතින බවයි. 2019-2020 ග්‍රීෂ්ම සෘතුවේ ඇතිවු ලැව්ගිනිවලින් එරට සතුන් සහ පක්ෂීන් බිලියන 3 ක් මියගොස් ඇත.