ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. 1857 ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඇගලුම් කම්හලක සේවය කළ කාන්තාවන් එහි පාලනාධිකාරියට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයක් එම දිනය ප්‍රකාශයට පත් කිරීමට හේතු විය. ආයතනයේ පැවති සේවය කිරිමට නුසුදුසු වාතාවරණය හා අඩු වැටුප් ගෙවීමට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්විණ. ලෝක කාන්තා සම්මේලනය 1910 දී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි පැවැත්වු සම්මේලනයේදී ජර්මන් ජාතික ක්ලාරා සෙට්කින් මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත වීමෙන් සෑම වසරකම මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එම සම්මේලනයට රටවල් 17 කින් කාන්තාවෝ 100 කට අධික පිරිසක් සහභාගි වුහ. 1911 මාර්තු 8 වැනිදා සිට ජාත්‍යන්තර කාන්තා දිනය ක්‍රියාත්මක විය. එම දිනය සැමරිම මුලින්ම ආරම්භ කළේ ජර්මනියයි. 1978 සිට ශ්රිී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.
කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයේ කාන්තා සහභාගිත්වය ඉහල නැංවීමට වත්මන් රජය කැපවී සිටින බව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්ලිමේන්තුවේ පමණක් නොව රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්රවල කාන්තා නියෝජනය ඉහල නැංවීමේ පුඵල් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකයි. ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය ඩ්€ු සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර අවසන්ය. ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කිරීමටද අපේක්ෂා කෙරේ. ඔම්බුඩ්ස්මන්වරියක මෙන්ම වැවිලි හා ඇගලුම් ක්ෂේත්රවල අධ්යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි ද ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.
කාන්තාවන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සහභාගි කර ගැනීම සඳහා අවශ්‍ය මුලික අඩිතාලම මේ වනවිට සකස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
ඒ අනුව සකස් කළ ස්ත්‍රී පුරුෂ සමානාත්ම භාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රතිපත්ති කෙටුම්පත මේ වනවිට ඇමති මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර තිබේ. කාන්තා කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණය හා එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ සහාය ඒ සඳහා ලැබී තිබේ. ප්‍රතිපත්තියට සහාය දීම සඳහා අදාල නීති කෙටුම්පත් මේ වනවිට සකස් කෙරෙමින් පවතී.
ඇය දැයේ අභිමානයයි. යන්න මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාවයි. ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන උත්සවය බත්තරමුල්ල වෝටර්ස්එජ් හෝටලයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයායි. තවත් සැමරුම් උත්සවයක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි. ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සංවිධාන කර තිබෙ.