රුසියානු මිසයිල ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ පිරිසක් මියයති

Share Button

රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබේ. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ ජනන කටයුතු ඇණහිට ඇත. යුක්රේනයේ උතුරින් පිහිටි කාර්කිව් නගරයේ සිට දකුණින් පිහිටි ඔඩේසා වරාය නගරය සහ බටහිරින් පිහිටි සයිටෝමිීර් නගර දක්වා ප්‍රහාර එල්ල විය. යුක්රේනය සදහන් කළේ රුසියාව මිසයිල 81 ක් පමණ එල්ල කළ බවයි. සති කිහිපයක් තුල එල්ල වු විශාලතම මිසයිල ප්‍රහාරය මෙය බව එරට බලධාරිහු පවසති. කෲස් මිසයිල 34 ක් බිමහෙඵ බව ද යුක්රේන හමුදාව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...