බෝම්බ පිපිරීමකින් ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුකාරවරයෙක් මියයයි
සිය කාර්යයාලයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුකාරවරයෙකු මියගොස් තිබේ. 2021 වසරේදී තලෛයිබාන් සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බලය ලැබීමෙන් පසු ඝාතනය වූ ජ්‍යෙෂ්ඨතම නිළධාරියා වන්නේ මොහුය. මෙසේ මියගොස් ඇත්තේ එරට උතුරු බල්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූ මොහොමඩ් ඩාවුඩ් මුසම්මිල් ය. ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබුණ ද තලෛයිබාන් හිතවතුන් සහ රජයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වෙයි. තලෛයිබාන් මාධ්‍ය ප්‍රකාශක සබිහල්ලා මුජෙහිට් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ඉස්ලාමීය සතුරන්ගේ ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි.