චීනයේ නව අගමැති ලී චංග්
චීනයේ නව ඇමති මණ්ඩලය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
චීනයේ නව අගමැතිවරයා ලෙස ලී චංග් ඊයේ තෝරා පත්කර ගනු ලැබීය. ඔහුගේ නම යෝජනා කළේ ජනාධිපති ෂී ජින්පින් මහතායි. ඒ අනුව එරට පාර්ලිමේන්තුව නව අගමැතිවරයා ලෙස ඔහු තෝරා පත්කර ගත්තේය. 63 හැවිරිදි ලී චංග් චීනයේ විශාලතම නගරය වන ෂැංහයි හි හිටපු කොමියුනිස්ට් පක්ෂ නායකයායි. චීන ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන සගයෙකු වන ඔහුට ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් 2936 දෙනෙකුගේ මනාපය ලැබිණි.
ෂී ජින්පින් මහතා චීනයේ ජනාධිපතිවරයා ලෙස 3 වන වතාවටත් තේරී පත්ව සිටිී එරට පාර්ලිමේන්තුව ඒකමතිකව ඔහුගේ නම අනුමත කළේය. චීන දේශපාලනයට සුවිශේෂී සිද්ධියක් ලෙස එය සැලකෙයි.