බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රුව සහිත සමරු මුද්දර 10 ක්
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ රුව සහිත සමරු මුද්දර 10 ක් නිකුත් කර තිබේ. එය ඔහුගේ රුව සහිතව නිකුත් කළ පළමු සමරු මුද්දර එකතුවයි. 1968 වසරේ සිට බ්‍රිතාන්‍යයේ සමරු මුද්දරවල සටහන් වුයේ රැජිනගේ රුවයි. ඇයගේ රුව සහිත අවසන් මුද්දර කට්ටලය පසුගිය සතියේ නිකුත් කර තිබිණි. නව මුද්දර එකතුවේ ජනප්‍රිය උද්‍යාන මල්වල ඡායාරූප ඇතුලත් වෙයි. මෙහි චාල්ස් රජුගේ රුව දක්වා ඇත්තේ කිරුළ රහිතවයි. මුල් මුද්දර ඇනවුම් කළ හැකි අතර ලබන සතියේ සිට සාමාන්‍ය නිකුතුවක් ලෙස සිදු කෙරෙනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.