යුක්රේනයේ බක්මුට් නගරයේ රුසියානු සහ යුක්රේන හමුදා අතර දරුණු සටන්

Share Button

යුක්රේනයේ බක්මුට් නගරයේ රුසියානු සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් පවතී. සටන්වලින් දෙපාර්ශවයටම දැඩි හානි සිදුවී තිබේ. රුසියාව එම නගරය අත්කර ගැනීම සදහා මාස ගණනාවක සිට දැඩි උත්සාහයක නිරතව සිටී.ි යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි මහතා පැවසුවේ ගෙවී ගිය දින කිහිපය තුළ සටන් හේතුවෙන් රුසියානු හමුදා සාමාජිකයන් දහසකට පමණ දිවි අහිමි වු බවයි. තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලැබු බව ඔහු සදහන් කළේය. රුසියාව පවසන්නේ දිනක් තුළ යුක්රේන හමුදා සාමාජිකයන් 200 කට අධික පිරිසක් ඝාතනය කිරීමට තම හමුදා සමත් වු බවයි. කෙසේ වෙතත් එම සංඛ්‍යාලේඛණ සනාථ කිරීමට සාක්‍ෂි මෙතෙක් ලැබී නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...