කරුංකා අපනයනයට සහතික ලබාදීම නතර කරයි
කරුංකා අපනයනයට සහතික ලබාදීම නතර කර තිබේ. මෙරට නිෂ්පාදිත කරුංකා ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉකුත් මාස 10 තුල අපනයනය කිරීම ඊට හේතුවයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එය ලිඛිතව දැනුම් දී ඇතැයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. රටේ සමස්ත කරුංකා නිෂ්පාදනයම අපනයනය කරන්නේ ද යන්න සාකච්ඡා කර ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතයි. එතෙක් එය නතර කර ඇතැයි ඔහු කීවේය. නීති විරෝධී ලෙස තත්ත්වයෙන් බාල කරුංකා මෙරටට ගෙනැවිත් දේශීය නිෂ්පාදන සමග මිශ්‍ර කිරිමේ ව්‍යාපාරයක් පවතින බවටද හඳුනාගෙන තිබේ. පවතින ගැටඵ්කාරි තත්ත්වය විසඳා ගැනීමටත් කරුංකා අපනයනකරුවන්ට සහනයක් ලබාදීමටත් අවධානය යොමුව ඇතැයි හෙතෙම සඳහන් කළේය