බූන්දල ජාතික වනෝද්‍යානයේ ආක්‍රමණශීලි ශාක ඉවතට
බූන්දල ජාතික වනෝද්‍යානයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පැවති ආක්‍රමණශීලි ශාක ඉවත් කර දේශීය ශාක වගා කිරීමේ වැඩසටහන මේ වනවිට අවසන් වෙමින් පවති. එහි ව්‍යාප්ත වෙමින් පැවති ආක්‍රමණශීලී ශාක වනජීවීන්ගේ පැවැත්මට විශාල අවහිරයක් වී තිබිණි. වනජීවි දෙපාර්තමේන්තුව මුලිකව ඒවා විනාශ කිරීමේ වැඩසටහන ආරම්භ කළේය. දකුණු පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා පැවසුවේ මේ වනවිට බුන්දල ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් හා සෙසු වනසතුන්ට හිතකර තුරුලතා සහිත පරිසරයක් බිහි වෙමින් පවතින බවයි. වනසතුන් හා පක්ෂීන් බහුලව ගැවසීම හේතුවෙන් මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් වනෝද්‍යානයට පැමිණෙමින් සිටින බවද ඔහු සඳහන් කළේය.