පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ආධාරකරුවන් හා පොලිසිය අතර ගැටුම්
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ආධාරකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගනී. පොලීසිය හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමට ලාහෝර් අගනුවර පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ එම ගැටුම් හටගෙන තිබෙ.් පිරිස පොලිසියට ගල්මුල්වලින් පහර දුන් අතර ඔවුන් පළවා හැරීමට කඳුඵ ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු විය. බලයේ සිටියදී රාජ්‍ය දේපල අයථා අන්දමින් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් මහතාට චෝදනා එල්ල වී තිබේ. එහෙත් ඔහු පවසන්නේ එම චෝදනා දේශපාලන අරමුණු මත තමා වෙත එල්ල කර ඇති බවයි. තම පක්ෂය ඉදිරි මැතිවරණයට තරග කිරීම වැලැක්වීම එමගින් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ. තමා අත්අඩංගුවට ගත්තද ඉදිරි මැතිවරණයේදී තම පක්ෂයේ ජයග්‍රහණය කිසිවෙකුටත් වැලැක්විය නොහැකි බව ඉම්රාන් ඛාන් මහතා කියයි. පකිස්ථාන රජය පවසන්නේ ඔහු අත්අඩංගුවට ගැනීම හා මැතිවරණය අතර කිසිදු සම්බන්ධතාවක් නැති බවයි.