ක්‍රීඩා ඇමතිවරයා සහ හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානීන් අතර හමුවක්
අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ග්‍රාමීය මට්ටමින් දස්කම් දක්වන ක්‍රීඩකයින් ජාතික මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි. පසුගියදා අමාත්‍යවරයා ප්‍රකාශයට පත්කළ ක්‍රීඩා පනතේ සංශෝධන පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා විය. ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් පිළිබඳ සාකච්ඡා වූ බවද නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබූඳ අමාත්‍යංශය සඳහන් කරයි.