මඩපොහොර මෙට්‍රික්ටොන් 36 දහසක් රැගත් නෞකාව කොළඹ වරායට
වගා කන්න තුනකට පසු පළමු වරට වී වගාවට අවශ්‍ය මඩපොහොර හෙවත් ටී.එස්.පී. පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි. අද අලුයම පැමිණි එම නෞකාවෙන් මඩපොහොර මෙට්‍රික් ටොන් තිස්හයදහසක් රැගෙන විත් තිබෙ. ඉදිරියේදි එවැනිම තවත් මඩපොහොර නෞකාවක් පැමිණිමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා අන්තර්ජාතික සංවර්ධනය සදහා වු අමෙරිකානු ආයතනයේ දායකත්වයෙන් මෙම මඩපොහොර ලබාදී ඇත. 2022/2023 මහ කන්නයේ වී වගා කළ එහෙත් මෙවර යල කන්නයේ වී වගා කළ හෝ නොකළ ලක්ෂ 12 ක් වන සියලු ගොවීන්ට මඩපොහොර නොමිලේ ලබාදිමට සැලසුම් කර ඇත. හෙක්ටයාර්යකට මඩපොහොර කිලෝග්‍රූම් 55 බැගින් නිකුත් කරන බව ඇමති මහින්ද අමරවීර මහතා කියයි . වගා කන්න තුනකට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන වගා කන්නය මෙම යල කන්නයයි. ඒ අනුව. මඩපොහොර. යුරීයා සහ බණ්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම ගොවීන්ට ලබාදීමට නියමිතයි.