උතුරු කොරියාව කිලෝමීටර් 1000 ක දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

Share Button

දකුණු කොරියාවේ සහ ජපානයේ නායකයන් අතර සාකච්ඡා ආරම්භ වීමට පැය කිහිපයකට පෙර උතුරු කොරියාව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි. උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බැලු බව ජපාන සහ දකුණු කොරියානු නිලධාරිහු තහවුරු කළහ. එය කිලෝමීටර් 1000 ක් පමණ පියාසර කර ජපානයට බටහිර දෙසින් වූ මුහුදට පතිත වී තිබෙ. මෙය සතියක් තුළ උතුරු කොරියාව අත්හදා බැලූ සිව්වැනි මිසයිලයයි. මේ වනවිට අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ නාවික අභ්‍යාසවල යෙදෙමින් සිටි. දකුණු කොරියානු ජනාධීපති යුන් සුක් යෝල් මහතා ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ටෝකියෝ හිදි අද හමුවෙයි. එහිදි උතුරු කොරියාවේ මිසයිල ක්‍රියාකාරකම් පිළීබඳව ප්‍රධාන අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියානු නායකයෙකු වසර 12 කට පසු ජපානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...