ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපනය කෙරේ

Share Button

ගුවන් සේවා පනත සංශෝධනය කරමින් ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපනය කෙරේ. එම පනත සංශෝධනය කරනුයේ ප්‍රථම වරටයි. මෙරටට අයත් ගුවන් අවකාශය තුල සිදු වන ගුවන් අනතුරු පිළිබඳ විමර්ශනය කිරීමට ද ක්‍රියා කෙරේ. ඊට අදාල ප්‍රථම කණ්ඩායමට පත්වීම් ප්‍රදානය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. ගුවන් යානා අනතුරු විමර්ශකවරුන් පත් කර ඇත්තේ මෙරට ගුවන් ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ශ්‍රිී ලංකාවට අයත් ගුවන් අවකාශය තුල සිදු වන ගුවන් අනතුරු පිළිබද සත්‍ය තොරතුරු හඳුනා ගැනීම එම අනතුරු සිදුවුයේ කෙසේද යන්න සහ යලිත් එවැනි අනතුරක් සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීම ඔවුන්ගේ කාර්යභාරයයි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ස්වාධීන සංචිතයක් ලෙස මෙම කණ්ඩායම ක්‍රියාත්මක වෙයි. මෙම සංචිතය ඉදිරියේදී අනතුරු විමර්ශන කාර්යාංශයක් ලෙස ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යංශය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...