තැපැල් දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් ඊයේ ක්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශනයක්

Share Button

තැපැල් දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයින් ඊයේ ක්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඊට අදාල වාර්තාවක් ලබා දෙන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව තැපැල් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. පළමු පෙළ සහ දෙවන පෙළ තැපැල් කාර්යාල 654 න් ඊයේ විවෘතව පැවතියේ තැපැල් කාර්යාල 6 ක් පමණි. උප තැපැල් කාර්යාල 3409 න් කාර්යාල 167 ක් විවෘතව පැවතිනි. තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් හා සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටඵවලට විසඳුම් ලබාදිමට පියවර ගෙන ඇතැයි ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...